දෙපාර්ශ්වයටම ලාභ දායී වැඩසටහන් වෙනුවෙන් පුළුල් සහයෝගය ලබා දෙන බවට චීනයෙන් ජනපති රනිල්ට පොරොන්දුවක්

දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්ත කිරීම අරමුණු කරගත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් සහයෝගයක් ලබාදීමට චීනයේ කැපවීම චීන මුදල් අමාත්‍ය ලියු කුන් යළි තහවුරු කර ඇතැයි වාර්තා වෙනවා.

මේ දිනවල චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (19) පෙරවරුවේ බීජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි වර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග පිළිබඳව චීනයට ගැඹුරු අවබෝධයක් ඇති බව අවධාරණය කළ අමාත්‍ය ලියු කුන්, පවතින ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති ප්‍රගතිය සහ ක්‍රියාමාර්ග අගය කර තිබෙනවා. එමෙන්ම මෙහි දී ඔහු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ශක්තිමත් සහය ලබාදීම වෙනුවෙන් චීනයේ නොසැලෙන කැපවීම ද අවධාරණය කරනු ලැබූ බව සඳහන් වෙනවා.

ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගත් උත්සහයේ දී චීනයෙන් ලැබුණු නිරන්තර සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී සිය ගැඹුරු ප්‍රසාදය චීනය වෙත ප්‍රකාශ කළ බව සඳහන්. ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රකෘතිය දිරිගැන්වීම සහ තරඟකාරී, ඩිජිටල් දියුණු සහ පරිසර හිතකාමී ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් කර ඇති වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!