දේශීය සංචාරකයින්‍ට අවාරේ ශ්‍රී පාදය තහනම්

දේශීය වන්දනාකරුවන්‍ට අවාරයේ ශ්‍රී පාද වන්දනා කිරීමට මින් පසු අවසර නොලැබෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසා තිබෙනවා.

ඒ අනුව මෙවර ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් වීමට නියමිත අතර ඉන් අනතුරුව අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය කිරිමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණකි.

දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බවයි පැවසෙන්නේ.

අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශිය සංචාරකයන් ශ්‍රි පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදිමට තිරණය කළ ඇති බව සඳහන් වෙනවා.

අවාරයේ ශ්‍රි පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබානොදෙන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක්ද සිදු කර තිබෙනවා.

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...