නගරයක් කැළඹූ යෝධ හරක් මගියා

මොටර් රථයක මගී අසුනේ යෝධ එළදෙනක් පටවාගෙන නගරය පුරා යන පුද්ගලයකු පිළිබඳ ඇමතුමක් හේතුවෙන් එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා හි පොලිසිය පවා විස්මයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය බදාදා මෙම පුවත වාර්තා වූ පසු නෙබ්‍රස්කාහි දී පොලිසිය විසින් මෙම වාහනය හඹාගිය බව වාර්තා පවසනවා.

ගව මගියා කුඩා වසු පැටවෙකු වනු ඇතැයි පොලිසිය උපකල්පනය කළ නමුත් බටහිර නොර්ෆොක් මාවතේ සහ උතුරු 13 වන වීදියේ කෙළවර අසලදී ඔවුන්ට හමු වූයේ සම්පූර්ණ ප්‍රමාණයේ විශාල ගොනෙකු වාඩි කරගෙන යන ෆෝඩ් ක්‍රවුන් වික්ටෝරියා වර්ගයේ රථයකි.

සතාට ගැළපෙන පරිදි මෝටර් රථයේ මගී පැත්තේ වහලය ඉවත් කර තිබුණු බව වාර්තාවල සඳහන්.

“එය ඝන මෝටර් රථයක්. එබැවින් මම මිල දී ගෙන එය යට තිබූ රාමුව ඉවත් කර ටයර් සහ බිම වැඩි කර ඉහළ කොටස කපා දැමුවා. අපිට යන්න එය හොඳයි,” ගොනාගේ හිමිකරු ලී මේයර් පොලීසිය හමුවේ සැහැල්ලුවෙන් පැවසු බවයි සඳහන් වෙන්නේ.

එම වාහනය Howdy Doody යන හුරතල් නාමයෙන් හැඳින්වෙන ගවයාගේ රෝද බවට පත්කිරීමේ අදහස වසර ගණනාවක් පුරා මේයර්ගේ ගේ සිතෙහි පැවති අදහසක් බව පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

“මම ඒ ගැන හිතුවා. මම ඒ ගැන කතා කළා, මගේ මිණිබිරියක් කිව්වා ඒක නරක අදහසක්, මට ඒක කරන්න එපා කියලා. ඒ නිසා මට සීයාට ඒක කරන්න පුළුවන් කියලා එයාට පෙන්නන්න වුණා,” යැයි මේයර් පැවසුවා.

Howdy Doody යනු Cornhusker ප්‍රාන්තය පුරා පෙළපාලි සහ ප්‍රදර්ශන වලදී නිත්‍ය ආකර්ෂණයක් වන අතර, පොලිසිය බදාදා රියැදුරුට වැඩිදුරටත් උපදෙස් දී තිබුණේ ප්‍රවේශම් වී දිගටම ගමන් කරන ලෙසයි.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!