ප‍්‍රකට ඖෂධ සමාගමේ ලොක්කා මුහුදට පැන දිවි නසාගනී…

අන්තිම කැමති පත්‍රයකින් බිරියට සහ දරුවන්ට සිය දේපළ ලියා මොරටුව එගොඩඋයන ප්‍රදේශයට පැමිණි ප්‍රසිද්ධ ඖෂධ සමාගමක සාමාන්‍යාධිකාරි වරයෙකු ඊයේ(12) දහවල් මුහුදට පැන සිය දිවි නසා ගෙන ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් විජිත මාවතට ගොඩගසා ඇති බවට පොලිසියට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත මියගිය පුද්ගලයා පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිය සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර, ඔහු පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී , අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබා දී මට මැරෙන්න හිතිලා කියා පැවසී යයි මළ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බිරිඳ සිදු කළ ප්‍රකාශයක සදහන් වන බව එගොඩඋයන පොලිසිය කියයි.

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පුතුව පාසලට ඇරලවා ඔහු සේවය කරන සමාගමට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් එගොඩ උයන ප්‍රදේශයේ ජයන්ති මාවත අසලට පැමිණ මෝටර් රථය නවතා මද වේලාවක් ඒ මේ අත ඇවිදිමින් සිට අනතුරුව මුහුදු වෙරළ දෙසට ගොස් වැටකෙයියා ගාල අසල ඇඳ සිටි ඇඳුම් උනා තබා මුහුදට පැන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත

අනතුරුව පැය දෙකහමාරකට පමණ පසු සාමාන්‍යාධිකාරිවරයා ගේ මළ සිරුර ඔහු මුහුදට පැන්නා ස්ථානයේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් විජිත මාවත ප්‍රදේශයට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් අනුව පොලිසිය මඟින් සොයාගෙන ඇත එම පුද්ගලයා පැමිණි බව කින මෝටර් රථය නවතා තිබූ ස්ථානයේ ගොඩනැගිල්ලක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී මියගිය අය මෝටර් රථයෙන් බැස මඳ වේලාවක් රැඳී සිට මුහුද දෙසට යන අයුරු එහි සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

මල්ලි සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ මුවින් උදරයේ පිරුණු වතුර සෙම ආකාරයෙන් මුවින් වැහෙන්නට වූයෙන් ඔහුට පණ තිබෙන බවට කීපදෙනෙකු ප්‍රකාශ කරන්නට වූ බැවින් වහා ඔහු පානදුර මූලික රෝහලට රැගෙන ගියත් වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව නිලධාරියකු පැවැසීය මියගිය අය යම් රෝගී තත්ත්වයකින් පෙලුනු බවට නිවැසියන්ගෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මොරටුව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගයාන් පෙරේරා මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීය. එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

ෂෙහාන් ජයවර්ධන – ගල්කිස්ස
බණ්ඩාරගම – බිමල් ජයසිංහ

– lankacnews

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!