පාකිස්තානයෙන් වහාම පිටවන ලෙසට කළ නියෝගයෙන් පසු ඇෆ්ගන් ජාතිකයන් දස දහස් ගණනින් දේශසීමාවලට පැමිණේ

නොවැම්බර් 1 වන දිනට ඔරලෝසුව සටහන් වන විට, ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පකිස්තානයෙන් වහාම පිටවිය යුතු බවට කර ඇති නියෝගය අනුව 10,000 කට වැඩි ඇෆ්ගන් ජාතිකයන් දේශ සීමා වෙත ගොස් ඇති බව වාර්තා වේ.

බදාදා (නොවැම්බර් 1) සිට, පකිස්තාන රජය ලේඛනගත නොකළ ඇෆ්ගනිස්ථානුවන් අත්අඩංගුවට ගෙන නව රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගෙන යාම ආරම්භ කරනු ඇති අතර, ඔවුන් බලහත්කාරයෙන් නැවත ඇෆ්ගනිස්ථානයට ගෙන යාමට කටයුතු කරනු ඇති බව වාර්තා පවසයි.

බදාදා සිට තමන් විසින්ම පිටව නොයන ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් නෙරපා හරින බව පාකිස්තානය ඔක්තෝබර් 4 වැනිදා නිවේදනය කළේය.

ඇෆ්ගන් සංක්‍රමණිකයන් බහුතරයක් වෙසෙන Khyber Pakhthunkhwa පළාතෙන් දැනටමත් හිරිහැර කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ වාර්තාවී තිබේ. කෙසේ වෙතත්, AFP පුවත් සේවයට අනුව පොලීසිය පැවසුවේ ඔවුන් තවමත් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර නොමැති බවයි.

වාර්තාවලට අනුව නෙරපා හැරීමේ තර්ජනය එල්ල වූයේ මේ වසරේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව වන අතර, පාකිස්තාන රජය ඊට ඇෆ්ගන් ජාතිකයන් සම්බන්ධ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එම චෝදනාවට පාකිස්තානය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත. ඉස්ලාමාබාද් දිගින් දිගටම ඇෆ්ගනිස්ථාන පුරවැසියන්ට ජාවාරම් සහ වෙනත් සටන්කාමී ප්‍රහාර සම්බන්ධයෙන් දොස් පවරනු ලැබීය.

තලේබාන් සංවිධානයේ දත්තවලට අනුව සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 22 දක්වා කාලය තුළ ඇෆ්ගන් ජාතිකයන් 60,000ක් පමණ පාකිස්තානයෙන් ආපසු පැමිණ ඇතැයි පැවසෙයි.

තලේබාන් සරණාගත අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මුතාලෙබ් හකානි උපුටා දක්වමින් Reuter වාර්තාවක් පැවසුවේ ඇෆ්ගනිස්ථානයට දිනපතා ආපසු පැමිණෙන සංඛ්‍යා සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි.

“ඇෆ්ගන් සරණාගතයින් දහස් ගණනක් වාහන, ලොරි සහ ට්‍රක් රථවල ඔවුන්ගේ වාරය එනතෙක් බලා සිටින අතර, එම සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වේ” යැයි Torkham දේශසීමාවේ නිලධාරීන් පවසා ඇති බව වැඩි දුරටත් වාර්තා වී තිබේ.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!