පාචනය, ශ්වසන රෝග, අක්ෂි රෝග පැතිර යාමේ අවදානමක් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝග තුනක් පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා පවසන පරිදි අක්ෂි රෝග, පාචනය සහ ශ්වසන රෝග, බොහෝ විට අධික ශරීර උෂ්ණත්වය සමඟ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම උපුල් රෝහණ මහතා අවධාරණය කර තිබෙනවා.

දිවයින පුරා, විශේෂයෙන්ම අධික වර්ෂාපතනය සහ පසුව ඇති වූ ගංවතුර හේතුවෙන් යට වූ ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව ද එම සංගමය මෙහිදී අනතුරු ඇඟවීම් සිදු කළා.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!