පාර්ටියක් මැද්දේ ඇමරිකානු ජනාධිපතිවරයා ගල් ගැසෙයි.. වචනත් පැටලෙයි.. ඇමරිකාව ලෝකෙටම හංගන ජනාධිපතිවරයාගේ ලෙඩේ හෙළි වේ

සඳුදා රාත්‍රියේ ධවල මන්දිරයේ පැවති සජීවී ජූනිටීන්ත් (Juneteenth) සැමරුම අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිනිත්තුවකට වැඩි කාලයක් ගල් ගැසී සිටින ආකාරය(Freeze) විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබෙනවා.

ලබන සතියේ එළැඹෙන ජාතික නිවාඩුවට පෙර පැවති උත්සවය අතරතුර, උප සභාපති කමලා හැරිස් සහ ඇයගේ සැමියා වන ඩග් එම්හොෆ් ඇතුළු සෙසු පිරිස සජීවීව සංගීත කණ්ඩායම සමඟින් නර්තනයේ යෙදෙද්දී ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ සිරුර අනිච්ඡානුගවම දැඩි වන ආකාරයක් පටිගත වුණු දර්ශනවල දැක්වෙනවා.

එම අවස්ථාවේ ජනාධිපතිවරයා අසල නර්තනයේ යෙදී සිටි පොලිසිය විසින් ඝාතනය කළ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා වන ෆිලෝනිස් ෆ්ලොයිඩ් ට ජනාධිපතිවරයාගේ වෙනස දැනී ඔහු ජනාධිපතිවරයාගේ කරට අතක් දමන ආකාරයත් ඔහුගේ අත මිටි කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන ආකාරයත් එහි දැක්වෙනවා.

මාධ්‍ය වර්තා වැඩි දුරටත් පවසන්නේ මිනිත්තුවකට වැඩි කාලයක් මෙසේ නිශ්චලව සිටි ජනාධිපතිවරයා පසුව එහි සිදු කළ දේශනය අතර ද ඔහුට වචන පැටලුණ බවත් ඔහුගේ කතාව තේරුම් ගත නොහැකි ආකාරයක් දක්නට ලැබුණු බවයි.

පසුගිය සතියේ, Wall Street Journal ජෝ බයිඩන්ගේ සංජානන පරිහානිය පිළිබඳ පුපුරන සුළු වාර්තාවක් ප්‍රකාශයට පත් කළ අතර එය මෑත මාසවල ඉහළ පෙළේ නිලධාරීන් සිය ගණනකට පැහැදිලව දැකගත හැකි වී ඇතැයි සඳහන් කළා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!