පාර්ලිමේන්තුවේ සල්ලාල ලොක්කන් වැඩි වේ

පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇති තවත් අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

මේ පිළිබඳ කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්ත මහ ලේකම්වරිය උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සේවිකාවන්ගෙ උසස්වීම් පිරිනැමීමේදී හා අලුතින් බඳවා ගැනීමේදී ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම මෙම නිලධාරියාගෙන් බලපෑම් එල්ල වන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

ඇතැම් සේවිකාවන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා.

මීට පෙර ද පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගෙන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කරන ලදැයි කියන සිදුවීමක් වාර්තා වූ අතර එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුණා.

Latest News

More like this

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...
error: Content is protected !!