ජාතික ජන බලවේගයේ රජයක් තුළ මේ වන විට ලබාගෙන තිබෙන ණය ඩොලරයක් පාසා විගණනයට ලක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා පවසනවා.
බංකොලොත් වූ ආර්ථිකය නැවත ගොඩ නැඟීමට නම් ආර්ථිකය හා බැඳුණු ව්‍යුහාත්මක ගැටලු පහකට විසඳුම සොයා ගත යුතුව ඇති බවත් වංචාව හා දූෂණය නැති කිරීම ඉන් ප්‍රමුඛතම අවශ්‍යතාව බව ඔහු පෙන්වා දෙනවා.
ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුව අමතමින් එම අභියෝග ජය ගැනීම සඳහා වන ආර්ථික මොඩලය නිර්මාණය කරන ආකාරය ඔහු පැහැදිලි කර තිබෙනවා.
ඇමරිකාව, එංගලන්තය වැනි ලෝකයේ දියුණු රටවල් හඳුන්වා දෙනු ලැබූ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති දියුණු වෙමින් පවතින මොළය ඇති පාලකයින් සිටි රටවල් ඒ ලෙසම උකහා නොගත් බවයි ඔහු මෙහි දී පෙන්වා දුන්නේ.
“දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් රාජ්‍ය මැදිහත් වෙමින් පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙළක් නිර්මාණය කරමින් අති සාර්ථක වුණා.
අපි තියෙන ඔක්කොම කඩා බිඳ දාලා රාජ්‍ය වෙළඳපොලෙන් ඈත්වෙලා අපි හිතුවා කවුරු හරි ඇවිත් මේක බේරගනී කියලා. අවසානයේ එහෙම ආයෝජනයක් ආව එකකුත් නෑ. වොක්ස්වැගන් එනව කියල මතයක් ගියා 2015. දැන් ගිහින් ලොක්ක ෆොටෝ එකක් දාල තියෙනව ඊලොන් මස්ක් එක්ක Starlink ගේනව කියලා. එච්චර තමයි පුළුවන්”
ජාතික ජන බලවේගයේ ආර්ථික මොඩලය ජනතාවාදී ආර්ථික මොඩලයක් බවත් ආර්ථිකය පිළිබඳ ජනතාව දැනුම්වත් වීම එහි ප්‍රමුඛතම ලක්ෂණයක් වනු ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.