පියුමි ගත්ත ද පියුමිට දුන්නද? පියුමි හංසමාලි පදින ගෝඨාගේ රේන්ජ් රෝවර් එක ගැන පැමිණිල්ලක්

ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබී වර්ථමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් අද(17) නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පැවසුවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගැනීම පිටුපස කලු සල්ලි සුදු කිරීමේ උපක්‍රමයක් පැවතිය හැකි බවයි.

ගෝඨාභයගේ ජීප් රිය පියුමි මිලදී ගත්තා ද නැතිනම් එය ගෝඨාභය රාජපක්ෂ විසින් ඇයට ලබා දුන්නාද යන්න පිළිබඳ බරපතල සැකයක් පවතින බවයි ඔහු මෙහි දී සඳහන් කළේ.

ඡන්දය ළඟ එනවා කියලා පේනවා.
ඡන්දයක් ළඟ එනකොට දේශපාලකයන්ගේ හංගපු සල්ලි එලියට එනවා.පියුමි හංසමාලි සම්බන්ධයෙන් අපිට සැකයක් ඇවිත් තිබෙනවා.

ගෝඨාභයගේ ජීප් රථය පියුමි හංසමාලි මිලදී ගත්තා හෝ ඒක පියුමි හංසමාලිට ගෝඨාභය දුන්නා වෙන්න ඕන.

ඒ නිසා ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගත්තේ කෙසේද නැත්නම් ගෝඨාභය එයාට දුන්නද මේක දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කිරීමක් ද යන්න විමර්ශනයක් සිදු කළ යුතු බව එම සංවිධානය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව එම සංවිධානය ඉල්ලීමක් සිදු කර ඇතැයි සඳහන් වෙනවා.

මේ ආකාරයෙන් ඉදිරි ජනාධිපතිවරණවලදී කලු සල්ලි සුදු කිරීම සඳහා නිළියන් යොදා ගැනීමේ අවධානමක් පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!