බොලිවුඩයේ දුෂ්ඨයාට සිර දඬුවමක්

Baazigar සහ Qayamat Se Qayamat Tak වැනි ප්‍රකට චිත්‍රපටවල දුෂ්ඨ භූමිකාවන් සඳහා වඩාත් ප්‍රසිද්ධ නළු දලිපි තාහිල් (Dalip Tahil), වෙත ඉන්දීය අධිකරණය විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2018 සිට දිග හැරුණු දීර්ඝ නීතිමය සටනකින් පසුව තීන්දුව ලබා දුන් අතර සිද්ධිය අතරතුර බීමතින් රිය පැදවීම සහ ඔටෝරික්ෂෝ රථයක සිටි කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු බව අධිකරණය නියෝග කළා.

ඔහු එම අනතුර සිදුවන විට මත්පැන් පානය කර සිටි බව වාර්තා වී තිබෙනවා.

2018 දී ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තාහිල් මත්පැන් පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබා දීම ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

ගනේෂ් විසර්ජන් පෙරහැර අතරතුර සිදු වු මෙම අනතුරෙන් පසු වාහන තදබදය අතරතුර එම ස්ථානයෙන් පලා යාමට නළුවා උත්සහ කර ඇතත් ඔටෝ රික්ෂෝවේ සිටි මගීන් මෝටර් රථය අල්ලා ගැනීමට සමත් වූ අතර එහිදී යම් ගැටුමක් ඇති වීම නිසා ඔහු පොලිස් අත්අඩංගුවට පත් වු බව සඳහන් වෙනවා.

තාහිල් පසුගිය මාස කිහිපය තුළ ඔහුගේ හාස්‍යජනක වීඩියෝ සඳහා සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයට පත්වුණා. Baazigar, Kaho Naa Pyaar Hai, Rock On!!, Ra One, සහ Bhaag Milkha Bhaag වැනි චිත්‍රපටවල කැපී පෙනෙන භූමිකාවන් සමඟින් ඔහුගේ සිත් ඇදගන්නා චිත්‍රපට නාමාවලියට චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක් ඇතුළත්.

Latest News

More like this

ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු සිරියාව ගැටුම් ඇති වූ කලාපයෙන් හමුදාව ඉවත් කරගනී

සිරියානු රජයේ හමුදා සමඟ මාරාන්තික ගැටුම්වලට සම්බන්ධ අරාබි සුළුතර...

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...
error: Content is protected !!