බෝගහ යට කැටේ හොලවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෛත්‍රී දැනට ගෙවූ වන්දිය – ඉතිරි ගාණ වාරික 10 කින් ගෙවන්නත් පොරොන්දු වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ වන්දිය ලබන වසරේ ජුනි මස 30 වැනිදාට පෙර ගෙවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාස්කු ඉරිදා පෙත්සම්වල වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට 2024 ජුනි 30 වැනිදාට පෙර ඉතිරි ඉතිරි මුදල් ගෙවන ලෙසට නියෝග කළ අධිකරණය වගඋත්තරකරුවන් තිදෙනාට සිය වත්කම් ප්‍රකාශය මේ වසරේ දෙසැම්බර් 30 දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් වන්දි මුදල් සම්පූර්ණයෙන් වන්දි ගෙවීමේ කාර්යාලයට ගෙවා ඇති බව අධිකරණයට දන්වා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ රුපියල් මිලියන 100න් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 15ක මුළු මුදලක් වන්දි ගෙවීමේ කාර්යාලයට ගෙවා ඇති බවද මෙහි දී සඳහන් වුණා.

2024 ජුනි 30 වැනිදා සිට 2033 ජූනි 30 වැනිදායින් අවසන් වන පරිදි රුපියල් මිලියන 85ක ඉතිරි මුදල වාර්ෂිකව රුපියල් 8,500,000 බැගින් වාරික 10කින් ගෙවන බව හිටපු ජනපතිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් මිලියන 17ක් ගෙවා ඇති බව ද මෙහි දී ප්‍රකාශ කළා. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබුණා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...