ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය හිස් විය

කීර්තිමත් ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (2) බොරැල්ල සුසාන භූමියේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඔහුට සමුදීම සඳහා පැමිණ සිටියා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ධම්මික ප්‍රසාද් මහතා ද ඒ මහතාගේ දේහය රැගෙන යන පෙළපාලියට සම්බන්ධ වී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අනෙකුත් ක්‍රීඩකයන් බොහොමයක් එම අවස්ථාවට සහභාගී වී සිටියේ නැහැ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් බොහෝ ප්‍රමාණයක් මේ වන විට විදෙස් ගතව සිටින බැවින් එම අවස්ථාවට සහභාගී නොවු බවයි පැවසුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔහු අවසන් ගමන් යන මොහොතේ ලෝක කුසලානයේ ඉන්දියාව සමග තරගයට සහභාගී වීමට සූදානම්ව සිටි අතර ඔවුන් තරගය අතරතුර ඔහු සිහිපත් කර අත්වල කලු පටි පැළඳ සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ පර්සි මාමා අතර පැවති අවියෝජනීය බැඳීම රන් අකුරින් ලියැවී අවසන් ය. ශ්‍රී ලාංකික කොඩිය ලෝකය ඉදිරියේ නොබියව එසවූ මිනිසා ඔහුයි. ඔහු විශේෂ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ ලබද්දී වගේම අන්ත පරාජයන් ලබන විටත් ඔවුන්ගේ දිරිගන්වන්නා වූ නිසයි. ඒ වගේම ක්‍රිකට් නුහුරු ජාතියක් වුණු අපේ ලේවලට ක්‍රිකට් කාන්දු කළ නිසයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායාමේ වර්තමාන නායක රෝහිත් ශර්මා කියන විදියට ලෝකයේ ඔහු දුටු අව්‍යාජ අරුම පුදුම පළමු ක්‍රිකට් දිරිගන්නවන්නා ඔහුය.

අව් වැසි නොබලා ප්‍රේක්ෂකාගාරයේ සිට ඔහු කළ මෙහෙවරට ලෝකපූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වන අප සියලු දෙනාම ඔහුට ණය ගැති විය යුතුයි. ඉතින් ඔහු අවසන් ගමන යන විට දැනෙන්නේ ප්‍රේක්ෂකාගාරය හිස් වුණා සේ හැගීමකි.

Latest News

More like this

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...

ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ...