“මගේ අම්මට කෑගහන්න එපා” අම්මට බනින තාත්තව නිශ්ශබ්ද කළ කුඩා දැරිය

තම පියා රැකියාව නිමවී නිවසට පැමිණ මවට බැණ වැදුණු බව පැවසූ කුඩා දැරියක් සමාජ මාධ්‍ය තුළ ආදරය දිනා ගෙන තිබෙනවා. නැඟෙනහිර චීනයේ Zhejiang පළාතේ දැරිය, තම මව කෙරෙහි කෝපය පිට නොකරන ලෙස පියාට පවසන ආකාරය සටහන් වූ වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ එය සියලු දෙනාගේ අවධානයට ලක් වීම ඊට හේතුවයි.

වෛරල් වූ වීඩියෝවේ, පවුලේ අය එකට රාත්‍රී ආහාරය ගන්නා අතර දියණිය මේසයේ තමා ඉදිරිපිට වාඩි වී සිටින තම පියා සමඟ කතා කරන ආකාරය සටහන්වී තිබෙනවා.

“අම්මට කෑගහන්න එපා. ඔයා ඔලුව අවුල් වෙලා ඉන්නකොට මගේ අම්මට ඔහොම කෑ ගහලා හරියනව ද?” කුඩා දැරිය ඔහුට අභියෝග කරන අයුරු එහි දැක්වෙනවා.

ඔහුට පිළිතුරු දීමට අවස්ථාවක් නොදී ඇය සන්සුන්ව ඔහුට පවසන්නේ ඔහුගේ කෝපය නිවස තුළට ගෙන නොඑන ලෙසයි. එය තමා ඇතුළු සියල්ලන්ටම කරදරයක් බවයි.ඉතා දුක්බර විලාසයෙන් ඇය තාත්තාට දිගටම ඇගේ පැහැදිලි කිරීම කරයි.

“අපි ඔබේ මුහුණ දෙස බැලිය යුතුයි. අපි නිහඬව ඉන්නම්. අපි ළමයි, අපි ඔයාට බයයි,” ඇය ඔහුට පවසනවා.

තම මවට සහ සහෝදරියට පමණක් නොව තම පියාටද අවබෝධය සහ දයාව ප්‍රදර්ශනය කිරීමෙන් දැරිය තම වයසට වඩා පරිණත බවක් පෙන්නුම් කරන බවයි වීඩියෝව නැරඹූ බොහෝ දෙනෙක් පැවසුවේ.

“ඔබ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපි දන්නවා. කවුද එහෙම නැත්තේ, හරිද? මගේ අම්මා වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නැද්ද? ” ඇය ඔහුගෙන් අසයි. පියා නිශ්ශබ්දව මේසයේ වාඩි වී පසුතැවිලි වන ආකාරය එහි පෙන්නුම් කරනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!