තමා මේ වන විට භාවිත කරන වාහනය අලුත්වැඩියා කිරීමට ප‍්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇති බැවින් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබා දීම යෝග්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව එළඹෙන සතියේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවයි ඔහු පවසන්නේ.
තම වාහනය වසර15 ක් පැරණි බැවින් අලුත් වැඩියා කරනවට වඩා අලුත් වාහනයක් ලබා ගැනීම සුදුසු බව තමාටද හැඟී ගොස් ඇති බව ඔහු පවසනවා.
ඕනෑම වාහනයක් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකි බවත් පවසන කතානායකයා දැනට තමන් පෞද්ගලික වාහනයක් හා පැරණි වාහනයක් ගමන් බිමන් සඳහා යොදාගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්‍තේ.