මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (MRIA) කළමනාකරණ දෝෂයකට වඩා ගුවන් යානා හිමි සහ ගුවන් යානා මෙහෙයුම් සඳහා ආකර්ෂණය කර ගැනීමට හැකි හා ඒ සඳහා පහසුකම් සැලසීමේ හැකියාව ඇති සමාගමකට පැවරීමේ විකල්පය රජය සොයා බැලිය යුතු බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ MRIA හි කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා රජය විසින් ඉන්දියාවේ සීමාසහිත Shaurya Aeronautics පුද්ගලික සමාගමට හා රුසියාවේ Airports of Regions Management Company අනුබද්ධ සමාගම් දෙකකට පවරා ඇති බවයි.
“මත්‍තල විවෘත කරලා අදට වසර 11ක්. බලධාරීන්ට බැරිවුණා මේ අවුරුදු ගණනාවටම හැමදාම එන ගුවන් යානයක් ගෙන්න ගන්න. කෙසේ වෙතත්, මම 2020 දෙසැම්බර් 28 දින යුක්‍රේනයෙන් පළමු ගුවන් යානය සාර්ථකව ගෙනාවා. එතැන් සිට, සම්පූර්ණ විදේශිකයන් 400කට වැඩි පිරිසක් රැගත් ගුවන් යානා 243ක් මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා. මා හැර එකදු ශ්‍රී ලාංකිකයෙකුවත් එම ගුවන් යානාවලට පැමිණ නැහැ. ඒ ආව සියලු දෙනා විදේශිකයන්.
එම ගුවන් ගමන් ඔස්සේ රටට හිමි වූ සෘජු විදේශ විනිමය ඩොලර් මිලියන 152 ක් පමණ වෙනවා. අපි දිනකට ගුවන් යානා 10 ක් ගොඩබෑම සඳහා පහසුකම් සපයන්නේ නම්, රජයට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් හිමි කර ගත හැකියි. කෙසේ වෙතත් බලධාරීන් විභව ප්‍රතිලාභ හඳුනා ගැනීමට වඩා නිරන්තරයෙන් විවේචනය සිදු කළා.” යැයි ඔහු පවසා තිබෙනවා.
අද මත්තල ගුවන් තොටුපළෙන් මගීන් 411 දෙනෙකු රැගත් ගුවන් යානයක අවසන් පිටත්වීම සනිටුහන් කළ බව ඔහු පැවසුවා.
2020 ට පෙර කළාක් මෙන්, පවරාගෙන ඇති සමාගම් විසින් ගුවන් තොටුපළ මොනරුන් සිටින ගුවන් තොටුපළක් වීමට ඉඩ නොදී සංවර්ධනය කරනු ඇතැයි මම විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළා.
“ගුවන් තොටුපළේ කිසිදු තාක්ෂණික හෝ කළමනාකරණ දෝෂයක් තිබුණේ නැහැ. ගුවන් තොටුපළේ නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවයට ස්තූතිවන්ත වන්නට අපට ගුවන් යානා 300කට අධික ප්‍රමාණයක් සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුණා,” වීරතුංග මහතා වැඩිදුරටත් පැවසුවා.