මධුමාධව අරවින්ද අධිවේගයේ යකා නැටූ හැටි

අධිවේගී මාර්ගයේ බිමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මධුමාධව අරවින්ද අධිවේගී මාර්ග පොලිසිය විසින් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා කඩවත පොලීසියට භාර දෙනු ලැබුවා.

මෙම අනතුර සිදු වුණේ කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවළපිටිය දක්වා ගමන් කරමින් සිටි අතරතුරයි. මධුමාධව අරවින්ද මහතා ගමන් කළ මෝටර් රථය මාර්ග බාධක කිහිපයක ගැටෙමින් ගමන් කර ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාස නිලධාරීන් විසින් ඔහු නවත්වා මෙසේ අත්අඩංගුවට ගත් බවයි සඳහන් වෙන්නේ.

වෝටර් බැරියර් නමැති බාධක දහයක පමණ වාහනය ගැටී තිබෙන බවත් ඒ තුළින් සිදුව ඇති හානිය ලක්ෂ පහක් පමණ වන බවත් මේ වන විට ගණනය කර ඇතැයි සඳහන් වෙනවා.

එම අවස්ථාවේදී අදාළ මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී රියදුරු ලෙස සිට ඇත්තේ මධුමාධව අරවින්ද මහතා බව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. ඒ වන විට ඔහු බීමත්ව සිටින බවක් ද පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බව සඳහන්. ඒ අනුව ඔහු බීමතින් සිටීදැයි තහවුරු කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ද පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.

අනතුරුව නීතිමය කටයුතු සඳහා ඔහු කඩවත පොලිස් ස්ථානයට භාරදී ඇත්තේ බීමතින් රිය පදවා අධිවේගී මාර්ගයේ බාධකවලට හානි කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!