මුහුදේ සිට ගොඩබිමට ආ ටොනේඩෝවක් බම්බලපිටිය දුම්රිය පොළ වැනසූ අයුරු (වීඩොයෝ දර්ශන සහිතයි)

ඊයේ පස්වරුවේ ඇදහැලුණු වර්ෂාව සමඟ බම්බලපිටිය මුහුදේ ඇති වූ ටොනේඩෝවකට සමාන තත්ත්වයක් ගොඩබිම දෙසට ඇදී එන ආකාරය වාර්තා වුණා.

වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙන ආකාරයට ඇති වූ තද සුළඟත් සමඟ බම්බ්ලපිටිය මුහුදේ සිට ගොඩබිම දෙසට විශාල සුළං ප්‍රවාහයක් හමා එන අතර ඒ සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය ගැලවී යන ආකාරය දක්න්ට ලැබෙනවා.

වහළය ගැලවීයාමත් සමඟ දුම්රිය ස්ථානයේ සිටි මඟීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය දියගොබ වළාවක් බවයි. මෙය ගොඩබිම සිදුවන ටොනෙඩෝවකට සමාන තත්ත්වයක් බවත් මුහුදේ ජලය ඉහළට ඇදීමක් මෙමගින් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා තිබෙනවා.

එය ගොඩබිමට පැමිණීමත් සමඟ නැති වී යන ආකාරය ද විඩීයෝ දර්ශනවල දකින්න ලැබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!