ලෝකය පුරා දරුවන් අතර ජනප්‍රිය යූ ටියුබ් නාළිකාවක් වන Kids Diana Show හි Diana සහ Roma ගේ මව 2024 මැයි මාසයේදී රිය අනතුරකින් මිය ගිය බවට වාර්තා පළ වෙමින් තිබෙනවා.
සමාජ මාධ්‍ය මූලාශ්‍රවලට අනුව, Olena Kidisyuk රිය අනතුරකින් තුවාල ලබා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එහෙත් මෙම ප්‍රකාශයන් සනාථ කිරීමට බලධාරීන් හෝ පවුලේ අය ඉදිරිපත් නොවීම නිසා එම පුවත තවමත් තහවුරු වී නැහැ.
මෙම සිදුවීමෙන් පසුවත්, යූ ටියුබ් නාළිකාවට ඔවුන්ගේ පවුලේ වීඩියෝ සක්‍රීයව මුදා හරිමින් තිබෙනවා.
ඇතැම් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි මෙම ඛේදවාචකය පිළිබඳව ඔවුන්ගේ අදහස් දැක්වීමේ තීරුවල (Comment Section) පවා විමසා ඇතත් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ.
යූ ටියුභි ඉහළම ශ්‍රේණිගත කළ ළමා YouTube නාළිකාව වන “Kids Diana Show” හි සෑම විටම Diana සහ Roma ගේ සෙල්ලම් සහ වික්‍රමාන්විත ක්‍රියා ඇතුළත් වෙනවා.
Kids Diana Show 2015 දී යූ ටියුබ් හි ආරම්භ වූ අතර එතැන් සිට ගෝලීය වශයෙන් ග්‍රාහකයින් මිලියන 200 කට වඩා ප්‍රමාණයක් ඔවුන්ගේ යූ ටියුබය වෙත නතු කරගෙන සිටී. බැලීම් වාර බිලියන 100 ක් ඉක්මවා තිබෙනවා. සාමාන්‍යයෙන් මසකට නාළිකා 20 ක් භාෂා පරිවර්තන 20ක් ඔස්සේ බැලීම් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් ඊට හිමිවන බව සඳහන්.