යුද්ධය ගැන බයක් නැත්නම් ලාංකිකයන් 1000 ක් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයට යවන්න පුළුවන් – මනූෂ

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් ලබාගැනීමට හැකියාව ලැබී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (20) දින පාර්ලිමේන්තුවේද ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් පැවති විවාදය අතරතුරයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

“ඊශ්‍රායලයේ පැවති ගැටුම්වලට මැදිහත්ව මිය ගිය ශ්‍රමිකයින්ට සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකික ශ්‍රමිකයෙන් ජීවිතක්ෂයට පත්වුනා කියලා අපිට දැනට වාර්තා වෙනවා ඒ ගැන අපි කණගාටුව පළකරනවා. ඒ වගේම අපහසුතාවයට පත්වෙලා තියෙන සියලුදෙනා සම්බන්ධයෙන්ම ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා.
අපහසුතාවක් තියෙන අය ඉන්නවා නම් යලිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතුත් දැනටමත් කරලා තියෙනවා.

ඒවගේම ඊශ්‍රායලයේ රැකියා සඳහා යන්න සූදානමින් ඉන්න පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව පිටත් කරලා යැවීමටත් අපි අවශ්‍ය කටයුතු කරනවා.
අපි ඊශ්‍රායල රජයත් එක්ක දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අපිට කෘෂි ක්ෂේත්‍රයේ රැකියා දහසක් සඳහා අවස්තාව ලැබිලා තියෙනවා. ආරක්ෂක තත්ත්වයත් බලලා අපි ඒ අයව යොමු කරන්න කටයුතු කරනවා.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මේ ලෝකය එක දවසක්වත් යුද්ධයකින් තොවර පැවතිලා නෑ. මේ වන විට ලෝකයේ යුද්ධ හැත්තෑ දෙකක් තිබිලා තියෙනවා. එයින් බිලියනක පමණ පිරිසක් මිය ගොස් තිබෙනවා.

පලස්තීන හා ඊශ්‍රායලය ගැටලුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් විසින් නිර්මාණය කරන ලද දෙයක් විදිහටයි අපි විශ්වාස කරන්නෙ. ලෝකය මෙහෙවන්නා වූ අන්තර්ජාතික සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බෝහෝ ආයතනවලටත්, බුද්ධිමතුන්ටත්, ආගම්වලටත් මෙම ගැටලුව විසදීමට නොහැකිවී තිබෙනවා.

එක් පැත්තකින් මේක සමාජ – සංස්කෘති අර්බුදයක් වන අතර අනෙක් පැත්තෙන් දේශපාලන – ආර්ථික අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.

යුද්ධයක් එනකොට අපේ සමහර අයට සතුටුයි. හැබැයි මේක ඇතුලේ වෙන්නේ මොකක්ද? ලෝකයේ රත්තරන් වෙළදපොලේ ඒකාධිකාරය තියෙන්නේ ඊශ්‍රායලේ බැංකුවලට රත්තරන්වල මිල නොසිතූ ලෙස ඉහළ යාමෙන් ලෝක ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මේකට ඇමරිකාව පැටලුනොත් මොකද වෙන්නේ. ඩොලරයේ අගය ඉහළ යනවා. මේකට ඉරානය පැටලුනොත් මොකද වෙන්නේ?
ඒ වගේම මැදපෙරදිග කළාපය පැටලුනොත් මොකක්ද අපිට වෙන්නේ?

අපිට තියෙන විශාල තේ වෙළද පොලක් අහිමි වෙනවා. මේ වගේ අපිට පෙනෙවාට වඩා නොපොනෙන විශාලල කඩා වැටීමකට මුහුණදීමට සිදුවෙනා.

මේ අපි යන්තම් රටක් විදිහට හුස්මක් ගන්න හැදුවා විතරයි. ලෝකයේ බොහෝ තැන්වල දේශ සීමා සටහන් කරමින් එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව සිටුවා තියෙනවා. එය ආගමික, සංස්කෘතික, දේශපාලනික සහ ඔවු නොවුන් පිළිගත් ආර්ථික මතවාදයන්ට අනුව එය සුව නොකළ හැකි රෝගයක් බවට පත්වෙලා තියෙනවා.

ඊශ්‍රායල – පලස්තීන ගැටලුව විසදන්න දාර්ශනික ප්‍රෙව්ශයකින් යුත් මානුෂියත්වයක් අවශ්‍යයි. ආනගත ලෝකය භූමිය හෝ දේශ සීමා මත නොපවතී යන්න තමයි අපි විශ්වාස කරන්නේ. ඒක මම මේ පාර්ලිමේන්තුවේදී මීට කලිනුත් කියලා තියෙනවා.”

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!