රජයේ ඖෂධ ගබඩාවේ අක්ෂි කාච තොගත් අවසන්

ඇසේ සුද හේතුවෙන් පීඩා විදින දහස් ගණනකට පෙනීම ලබාදීම සඳහා භාවිත කරන ලද අක්ෂි කාච(Ocular lens) තොග ශ්‍රී ලංකාව සතුව ඇත්තේ මාසයකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර තිබෙනවා.

වාර්තා පවසන ආකාරයට අමාත්‍යාංශයේ ඔන්ලයින් දත්ත ගබඩාව වන වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) ‘ස්වස්තා’ හි සහ රෝහල්වල තොගවල දැක්වෙන්නේ ශූන්‍ය අගයකි.

ජාතික තොගද ඊයේ (9) සවස් වන විට ‘බිංදුවක්’ ලෙස වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ රජයේ රෝහල් සඳහා ඇති අක්ෂි කාච තොගය “මාසයකට පමණ” ප්‍රමාණවත් බවයි.

කාච තොග අවසන් වී ඇති බවට වෛද්‍ය වෘත්තීය සමිති කිහිපයක් විසින් කරන ලද චෝදනා පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා.

සෞඛ්‍ය ඇමැතිවරයා පවසන පරිදි, නව අක්ෂි කාච තොගයක් මිලදී ගැනීම සඳහා මේ සතියේ දී ප්‍රදානය කිරීමට ඉඩ ඇති ටෙන්ඩරයක් කැබිනට් ප්‍රසම්පාදන කමිටුවක් විසින් අවසන් කරමින් සිටිනවා.

නව තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට කොපමණ කාලයක් ගතවේදැයි විමසූ විට ඇමැතිවරයා කියාසිටියේ ටෙන්ඩරය ලැබුණු පසු ඇණවුම් කළ තොගයෙන් කොටසක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන බවයි.

පසුගිය ජනවාරි මාසයේදී අක්ෂි කාච මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබියදීත් මෙම හිඟය නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.

මාස අටක කාලයක් පුරා, සැපයුම්කරුවන් අතර ආරවුල්, නිලධාරිවාදය සහ වෙනත් මැදිහත්වීම් හේතුවෙන් කාච සැපයීම ප්‍රමාදවී ඇති බව පැවසෙනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!