ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වන විට එක්සත් රාජධානියේ ප්‍රචාරණ ආයතනයකට භාර දී ඇති බව පවසා තිබෙනවා.
එම ආයතනය මේ වන විටත් සමීක්ෂණයක් සිදු කර ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන්නේ අනාගතයේ දී ආර්ථිකය සාර්ථකව මෙහෙයවීම කළ හැක්කේ කාට ද යන කාරණය බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ජනපති රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම ප්‍රධාන තුරුම්පුව වනු ඇති අතර එය අරමුණු කර ගනිමින් ආර්ථික පරිවර්තන පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පවසා තිබෙනවා.
එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රචාරක ආයතනය බංකොලොත් රට නැවත ගොඩගැනීමේ අභියෝගය රනිල්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව කර ගත යුතු බවට යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.
එම පනත ඉදිරිපත් කිරීමෙන් පසු සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයට එක් වීමට නියමිත බව කියන පිරිස ඔවුන් සමඟ එක් වනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ.
සජිත් ප්‍රේමදාස එම ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමත් සමඟ ඔවුන් එළියට බසිනු ඇතැයි ඔහු පක්ෂයේ කළමනාකරණ කමිටුව හමුවේ පැවසූ බව වාර්තා වෙනවා.
ඔහු මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේ දීයි.