රනිල්, අනුර, සජිත්ට තවත් විවාදයක්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා වන රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති සහ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් රට ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඥාවන් පිළිබඳව සජීවී ජනාධිපති විවාදයක් සඳහා ඩේලි මිරර් සහ ලංකාදීප ද විවෘත ආරාධනාවක් කිරීමට සැරසෙන බව වාර්තා වේ.

මෙම සම්මුඛ සාකච්ඡාව ඩේලි මිරර්, ලංකාදීප, ටැමිල් මිරර් සහ සන්ඩේ ටයිම්ස් හි ඩිජිටල් වේදිකාවල සජීවීව විකාශය කරීමට නියමිතව ඇත.

විවාදයට එක්වන ලෙස දේශපාලන නායකයින් තිදෙනාගෙන් ඉල්ලා සිටින විධිමත් ආරාධනයක් නුදුරේදීම යවනු ලබන අතර, ආරාධනා පිළිගැනීමෙන් පසු පාඨකයන් යාවත්කාලීන කරනු ලබන බව ද සඳහන්ය.

විවාදය පවත්වන දිනය සහ වේලාව ඉන් පසුව ප්‍රකාශයට පත් කෙරේ.

මෙම විවාදය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතය.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!