ජනශක්ති අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඳුම්වලින් ලබාගත් වමනය සාම්පලයේ සයනයිඩ් අඩංගු වූ බවක් රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති නීතීඥ සාලිය මේ බව සඳහන් කළේ ෂාෆ්ටර්ගේ මරණයට අදාළ නඩුව සඳුදා (25) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම මරණය සයනයිඩ් විෂ ශරීරගත වීමෙන් සිදු වූවක් බව අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් ප්‍රකාශ කළත් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩල කමිටුවේ අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ෂාෆ්ටර්ගේ සිරුර පුරා තුවාල ඇති බවත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නොමැති බවත්, මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණුවලින්ද ෂාෆ්ටර්ගේ මානසික තත්ත්වය පිළිබිඹු නොවන බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් ද විද්වත් මණ්ඩලයේ අවධානය යොමු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතීඥවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සියල්ල විද්වත් කමිටුවට දන්වා ඇති බැවින් එම නියෝග අනවශ්‍ය බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම පමණක් සටහන් කරන බව ප්‍රකාශ කළාය.
පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය ෂාෆ්ටර්ගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර ඇති බව දන්වා ඇති බැවින් දේහය ඔහුගේ සොහොයුරන්ට මුදාහරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය විද්වත් මණ්ඩලයට නියෝග කළාය.
විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් ගාල්ල කරාපිටිය රෝහලේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් අවසන් නිගමනය ඉදිරියේදී ලබාදෙන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.