ලෝකයේ මන්දගාමීම සතා දැවැන්ත ඇනකොන්ඩාවෙක්ට කරපු වැඩේ – මිලියන 11 ක් නැරඹූ වීඩියෝව

පෘතුවියේ සිටින මන්දගාමීම සත්වයා බවට හඳුන්වන ස්ලෝත් (Sloth) සතෙක් සහ ඇනඇනකොන්ඩවකු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් වීමට පටන් ගෙන තිබෙනවා.

සියල්ලන් පුදුමයට පත් කරන වීඩියෝවේ ස්ලෝත් ඉතාම කම්මැලි හා මන්දගාමී ආකාරයෙන් දැවැන්ත ඇනකොන්ඩාවකු පසු කර යන ආකාරයත් ඇනකොන්ඩා ඊට ඉඩ දෙමින් බලා සිටින ආකාරයත් පෙන්නුම් කරයි.

නොවැම්බර් 2 වැනිදා මෙම වීඩියෝව පළ කළ දින සිට එය මිලියන 11කට අධික නැරඹුුම් වාර ගණනක් නරඹා ඇතැයි වාර්තා වෙනවා.

ස්ලෝත් යනු මුළු ජීවිත කාලයම ඉතා මන්දගාමී ජීවිත ගත කරන සත්ව කොට්ඨාසයක්. කෙතරම් මන්දගාමී දැයි කිවහොත් ඔවුන් ඇසිපිය හෙලන්නේ පවා ඉතා සෙමින්. දකුණු අමෙරිකා සහ මධ්‍යම අමෙරිකාවේ නිවර්තන වනාන්තර නිජ භූමිය කරගත් සත්ත්වයෙක් ලෙසයි සැලකෙන්නේ. වනාන්තරය තුළ කුමනාකාරයේ පෙරළියක් සිදු වුණත්, අවස්ථානුකූල ව කඩිසර වීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැහැ.

මෙම සිදුවීම ඊට ගළපමින් ඇතැමෙක් පවසා ඇත්තේ මේ අලසයාට තමා ළඟ සිටින ලොක්කා නොපෙනෙන්නේ ඇයි දැයි ඇනකොන්ඩා කල්පනා කරනවා විය යුතු බවයි.

ස්ලෝත්ගේ වාසනාවට ඇනකොන්ඩාට බඩගිනි නැතැයි සමහරු පවසා තිබෙනවා.

“ස්ලෝත් වේගයෙන් ගමන් කළහොත්, ඔවුන් පෘථිවියේ භයානකම සතුන්ගෙන් එකක් වනු නියතයි” තවත් අය එසේ පවසා තිබුණා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!