ශ්‍රී ලංකාව 2021 දී ප්‍රකාශයට පත් කළ ඩිජිටල් නෝමැඩ් වීසා ලබා දීම දැන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබෙනවා.
ඩිජිටල් නෝමෑඩ් වීසා දියත් කිරීමෙන් පසු දුරස්ථ රැකියා ලෝලීන්ට දැන් ශ්‍රී ලංකාවට ගොස් ලොව පුරා විවිධ ස්ථානවල සේවාදායකයින් හෝ සමාගම් සඳහා දුරස්ථව වැඩ කිරීමට හැකියාව ලැබී ඇතැයි එම වාර්තා පවසනවා.
Daily Pakistan හි වාර්තාවකට අනුව, Digital Nomad වීසා බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතා අතර අවම වශයෙන් ඩොලර් 2,000 ක මාසික ආදායමක් තිබිය යුතු අතර එය ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය හරහා ලබා ගත යුතුය.
මෙම වීසා බලපත්‍රය දරන්නන් අවශ්‍ය අරමුදල් සත්‍යාපනය කිරීමෙන් සෑම වසරකම එය අලුත් කිරීමට සුදුසුකම් ලබයි.
අයදුම්කරුවන්ට ඩොලර් 500ක අයදුම්පත් ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය වන අතර, එය වීසා හිමියාගේ සහකරු හෝ සහකාරිය සහ යැපෙන්නන් ද ආවරණය කරනු ලබනවා.
මෙරටට පැමිණීමෙන් පසු අවම වශයෙන් මාස හයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශයන්හි සිටින සේවාදායකයින් සඳහා සේවකයෙකු, නිදහස් සේවකයෙකු හෝ ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස දුරස්ථව වැඩ කිරීමට මෙම තාවකාලික පදිංචියෙන් අවසර ලබා දී තිබෙනවා.
ඩිජිටල් නෝමැඩ් වීසා බලපත්‍රය හරහා ශ්‍රී ලංකාවට යාමට අදහස් කරන අය මෙම වීසා බලපත්‍රය ලබා ගත් පසු දේශීය රැකියා සෙවීමට හෝ ව්‍යාපාර ආර්ථික කටයුතුවල යෙදීමට අයිතියක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
ඩිජිටල් නෝමැඩ් වීසා දියත් කිරීම ගෝලීය සක්‍යතා ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් යෝජනා කරන ලද්දකි.
ඩිජිටල් නෝමැඩ් වීසා මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවනු ඇතැයි අපේක්ෂා කරනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව, මේ වසරේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එහි උපරිමයට පැමිණ ඇති මුළු සංඛ්‍යාව 143,039 ක් බව ද වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.