විනය බාර හිමිනම පාසලේ ගුරු විවේකාගාරයේ මත්වතුර බී පිස්සු නටයි

මහියංගන මැදයාය ප‍‍්‍රදේශයේ පාසලක විනය බාර හිමි නම හා ගුරුවරු තිදෙනකු සාදයක් පවත්වා දැඩි ලෙස මත්ව සිටියදී සොයාගත් බව මහියංගන පොලිසිය පවසයි.

එම පාසලේ ගුරු විවේකාගාරය දෙසින් කුඩා දරුවකු කෑ ගසන හඬක් ඇසි ඇති අතර ඒ පිළිබඳව ප‍‍‍්‍රදේශවාසින් මහියංගන පොලිසියේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

පොලිසිය ගම්වාසින් සමඟ පාසලේ ගුරු විවේකාගාරයට ගොස් පරීක්‍ෂාකර බලනවිට මොවුන් දැඩි ලෙස මත්වී  සිටිනු දැක ඇත. එම හිමිනම කුඩා දරුවෙකු මෙන් හඬමින් බිම වැටී සිට ඇත.

සිද්ධිය දුටු ප‍‍්‍රදේශවාසීන් බැන වදිමින් එම පිරිසට තඩි බෑමට තැත් කළ අවස්ථාවේදී පොලිසිය මැදිහත් වී එම උණුසුම් තත්ත්වය පාලනය කර, හිමිනම මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.

එහිදී වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් වු හිමි නම ඒ වනවිටත් අඩු රුධිර පීඩනයෙ සිට ඇති අතර, කඩිනමින් රෝහල් ගත කිරිම හේතුවෙන් ජීවිත තර්ජනයෙන් මිදිමට හැකිව ඇත.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!