විවාදය ගැන කතා කරගන්න දාගත්තු දවසේ නලින් බණ්ඩාර අතුරුදන්

යෝජිත අනුර-සජිත් විවාදය පිළිබඳ කතා කර ගැනීමට ඉකුත් 10 වැනිදා හමුවීමට යොදා ගත්ත ද සජිත් පාර්ශ්වයේ විවාද සම්බන්ධීකාරක නලින් බණ්ඩාර මහතා එදින නොපැමිණි බව ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අලුත් අවුරුද්දත් සමඟ එම හමුව යට ගියත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඕනෑම වේලාවක සූදානම් බව ඔහු මෙහි දී සඳහන් කළා.

“අප විවාදයට සූදානම්. ඒ පිළිබඳ අප වාර කීපයක් ප්‍රකාශ කළා. ඉතිහාසයට ගිහින් බැලුවොත් අප තමයි පළමුව විපක්ෂ නායකවරයාට ආර්ථිකය සම්බන්ධව විවාදයකට අභියෝග කළේ. සමගි ජන බලවේගය ඒක ඇහුනෙ නැතිව වගේ හිටියා. දැන් ඒ සම්බන්ධව කතා කිරීමට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉදිරියට දමා තිබෙනවා. ජනාධිපතිවරණයක් තමයි ඉදිරියේ තිබෙන්නෙ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා විවාදයට පැමිණිය යුතුයි. අප ඒ පිළිබඳ ප්‍රසිද්ධයේ ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ සම්බන්ධීකරණයට මාව පත් කළා. සමගි ජන බලවේගය පැත්තෙන් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පත් කළ බව ප්‍රකාශ වුණා. ඉන් පසුව අප දෙදෙනාම පසුගිය 10 වැනිදා මේ සම්බන්ධව කතාබහ කර ගැනීම සඳහා යොදා ගත්තා. එහෙත් ඔහු එයට සම්බන්ධ වුණේ නැහැ.

අවුරුද්දත් සමඟ එය යට ගියා. අප එම විවාදයට තාම සූදානම්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා අප ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයට තිබෙන්නෙ විවාදයට පැමිණෙන බව දැනුම් දීමයි. ස්ථානය පිළිබඳ ඔවුන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. නැත්නම් අපට ප්‍රකාශ කරන්න පුළුවන්. අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයට අකැමැති නම් අපට පුළුවන් ආර්ථික කමිටුව අතර විවාද කරන්න. නැතිව නලින් බණ්ඩාරයි මමයි අතර විවාදයක් ඇති වෙලා වැඩක් නැහැනෙ.”

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...