හිරුණිකාට අධිකරණයට අපහාස කළා ද? දඬුවම් නොකරන්න නම් උසාවියට එන්න කියයි

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට නම් මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය ඊයේ (17) නොතීසි නිකුත් කකර තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් මහතා විසින් ගොනු කොට තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වෙනවා.

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයාට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබාදීමේ නියෝගය ජාත්‍යන්තර කාන්තා දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විවේචනය කළ බවයි ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනාව වන්නේ.

එමඟින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස පෙත්සම්කරු සිය පැමිණිල්ල මඟින් ඉල්ලීම් කර තිබෙනවා.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!