වෛද්‍ය පාදෙණියගේ දෙවැනි දරුවාගේ ඩොක්ටර් මම – දොස්තර ෂාෆි පළමු වරට දුක්ඛිත මතකයන් හෙළි කරයි

තමා කිසිදාක මුස්ලිම් වෛද්‍යවරයෙකු ලෙස සේවය කර නොමැති බවත් දහස් ගණනක් මව්වරුන්ට සේවය කළ අතර තමාට එරෙහිව චෝදනා කළ ගැබිණි මව්වරු දැන් තමාගෙන් සමාව ඉල්ලන බව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පවසා තිබෙනවා.

වෛද්‍ය ෂාෆි මේ බව ප්‍රකාශ කළේ ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රථම වරට ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

වෛද්‍ය ෂිහාබ්දීන් පළමු වරට ආනෝදෝලනාත්මක හෙළිදරව්වක් කරමින් ඔහුගේම වෘත්තියේ කිහිපදෙනෙකු තමාව පහත් කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMO) හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඉන් එක් අයකු ලෙස නම් කර තිබෙනවා.

වෛද්‍ය පාදෙණියගේ දෙවැනි දරුවා බිහි කළේ තමා යටතේ බව ද ඔහු මෙහි දී සඳහන් කළා.

“ඕනෑම වෘත්තියක, තමන්ට වාසිදායක නම් ඕනෑම දෙයක් කරන පුද්ගලයන් සිටිනවා. අවංකවම මේ පාදෙණිය කියන චරිතය එවකට GMO එකේ සභාපති වෙලා මේ ප්‍රශ්නෙදි මුනිවත රැක්කා. ඒත්, ඔහුගේ දෙවන දරුවා බිහිකිරීමට සහාය වූයේ මා බව මම හෙළි කිරීමට කැමතියි”ඔහු පවසා සිටියා.

“වෛද්‍ය වෘත්තිය සාමාන්‍ය මිනිසා දේවත්වයට සමාන කරයි, නමුත් එම වෘත්තියම මාව යක්ෂයින්ට භාර දීමට යොදා ගත්තා. අපට මේ වගේ පරම්පරාවක් අවශ්‍ය නැහැ, මේ නරක මතකයන් අවශ්‍ය නැහැ. අධ්‍යාත්මික වශයෙන් පොහොසත් රටක් සංවර්ධනය කිරීමට අපි එක්වෙමු.” යනුවෙන් ද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් කියා සිටියා.

2019 වසරේ පළ වූ නොමග යවනසුළු පුවත්පත් වාර්තාවකින් පසු, කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වඳ සැත්කම් කළ බව කියන චෝදනාව මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගනු ලැබුවා.

තමා සිරගතව සිටියදී තමන් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් සමඟ සිරමැදිරියක සිටි බව ද වෛද්‍ය ෂිහාබ්දීන් පැවසුවා.

“මම ඔහු සමඟ කෑම බෙදාගෙන ඔහු අසල නිදාගත්තා. ඔහු තුළ මා දුටු මනුෂ්‍යත්වය, සුදු ඇඳගත් මන්ත්‍රීවරුන් තුළ මා දකින්නේ නැහැ.” වෛද්‍ය ෂාෆි වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!