ශ්‍රිලනිපයෙන් නෙරපූ හිටපු මහලේකම් දයාසිරි මෛත්‍රීගේ සහයට එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපිගොනු කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කිරීමත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවකුටත් ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමත් සමඟ මූලස්ථානය ඉදිරිපට නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ බව වාර්තා වී තිබේ.

එම ස්ථානයට පැමිණි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවාදී පිරිසක් මූලස්ථානයට ඇතුළුවීම තහනම් කිරීමේ නියෝගයට එරෙහිව විරෝධතාවයක් පවත්වන ලදී.

එම ස්ථානයට හිටපු මහලේකම් පක්ෂයෙන් නෙරපා හරින ලද දයාසිරි ජය්සේකර මහතා ද පැමිණි සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් භූමිකාව ආණ්ඩු විරෝධී සහ විපක්ෂයේ භූමිකාව බවත් ඊට එරෙහි කණ්ඩායමක් ඉවත්ව ගොස් සියල්ල අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසයි.

සභාපතිවරයාට නිකුත් කර ඇති තහනම් නියෝගය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මැයි දිනය සැමරීමට නොහැකි පක්ෂයක් බවට පත් කර ඇති බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඊයේ (05) දිනයේ මරදාන පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවකුටත් ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ, මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.

ශ්‍රීලනිප මුලස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වේ.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!