සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා වෙමින් ඇති විවාද දෙක සඳහා දින දෙකක් යෝජනා කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 20 හා 25 අතර දිනයකත් පක්ෂය දෙකේ නායකයන් අතර විවාදය මැයි මස 27 හා 31 අතර දිනකත් පැවැත්වීමට සූදානම් බවයි.
දැනටමත් මේ බව ජාතික ජන බලවේගයට දැනුම් දීමට කටයුතු කර ඇති බවද ඔහු පවසා තිබෙනවා.