ජැක්සන් ඇන්තනි මහතා දැයෙන් සමුගෙන දින කිහිපයක් ගෙවී ගොස් අවසන් නමුත් තවමත් ඒ ගැන පළ වන කතා බහ අවසන් වී නැහැ.
ඔහුට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්‍ත හදිසි අනතුර, ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගෙවූ කාල සීමාව මෙන්ම ඔහු දැයෙන් සමුගත් අවසාන දිනයේ ස්තූති කතා පවා තවමත් කතා බහට ලක්වෙමින් තිබෙනවා. සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීමෙන් අනතුරුව නවාතැන්පළ වෙත එමින් සිටිය දී ජැක්සන්ට මෙම අනතුර සිදු වූ මොහොතේම එම ස්ථානයට පැමිණි පුද්ගලයා වූයේ එහි අධ්‍යක්ෂ සෝමරත්න දිසානයක මහතායි.
ඔහු එම අවස්ථාවේම අනුරාධපුරය මහ රෝහලට ජැක්සන් රැගෙන යාමට කටයුතු කළ බව මුල සිටම පැවසුවත් ජැක්සන්ගේ අවමංගල්‍ය උළෙලේ ස්තූති කතාව සිදු කළ ඔහුගේ බාල පුත් සජිත ඇන්තනි එම කතාවේ දී ජැක්සන් රෝහලට භාර දුන් නන්නාදුනන පුද්ගලයකු වන “ප්‍රියන්ත” නැමති අයෙකු වෙනුවෙන් ස්තූතිය පළ කර අතර එම ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍යවල සෝමරත්න දිසානායක මහතා නිර්දය ලෙස හාස්‍යට ලක් කෙරුණා. සජිත ඔහුගේ කතාවේ කිසිම තැනක සෝමරත්න දිසානායක මහතාගේ නමක් සඳහන නොකිරීම ද එයට හේතුවක් වුණා.
කෙසේ වෙතත් සෝමරත්න දිසානායක මහතා මේ පිළිබඳ ඔහුගේ යූ ටියුබ් නාළිකාවේ පැහැදිලි කිරීමක් එක් කිරීමට කටයුතු කර තිබෙනවා. ඔහු එහි දී ජැක්සන් ඇන්තනි අනතුරට ලක් වූ තැන සිට අනුරාධපුරයටත් ඉන්පසුව කොළඹට රැගෙන එනතෙක් ඔහු පිටුපස සිට කළ කාර්ය භාරය පැහැදිලි කර තිබෙනවා. වෛද්‍යවරයෙකු වන සෝමරත්න දිසානායක මහතා ඔහු දන්නා සියලු සම්බන්ධතාවලින් උදව් ගනිමින් හැකිතාක් ඉක්මණින් ජැක්සන් කොළඹට රැගෙන ඒමට කටයුතු කළ බව පවසනවා.
“සජිතගේ ස්තුති කතාවේදි ප්‍රියන්ත කියල කෙනෙකුට ස්තූති කළා. ඒක හොඳයි. මමත් ස්තූතිවන්තවෙනවා ඔහුට. මොකද ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සෙ මං හිටියේ වෛද්‍යවරුන් ගාවට දුවමින් සහ අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳ සොයා බලමින්. ඒ ප්‍රියන්ත්ත කියන පුද්ගලයා ඒ අවස්ථාවේ රෝහලට ලියාපදිංචි කිරීම සඳහා නම දෙන්න ඇති. ඔහු අපේ කණ්ඩායමේ කෙනෙක් හෝ රෝහල් කාර්ය මණ්ඩලේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයෙක් විදියට මම හිටියේ ජැක්සන් ට කෙරෙන්න ඕනම හදිසි ප්‍රතිකාර ගැන හොයා බලමින්. හිතුවටත් වඩා ඔහුගේ තත්ත්වය නරකයි කියල දැනගත්ත ගමන් අපි ඔහුව කොළඹට ගේන්න කටයුතු කළා. මොකද ඔහුගේ පෙණහැල්ලෙන් පිටත වාතය පිරෙමින් තිබුණා. එය පුද්ගලයෙක් විනාඩි කිහිපයකින් මරණයට වුණත් පත් වෙන්න පුළුවන් තත්ත්වයක්. රෝහලේ වෛද්‍යවරු මට ස්තූතිකළා. තව විනාඩි 10 ක් පරක්කු වුණා නම් ඔහුව මේතාක් හෝ ජීවත් කරවන්නවත් ලැබෙන්නෙ නෑ. ඊට පස්සෙ අපි වෙහෙසුණේ කොළඹ මහ රෝහලට සම්බන්ධ වෙන්න. කොළඹ මහ රෝහලට කතා කරල ඒ කටයුතු සූදානම් කරල කොහොමද යන්නෙ කියන එක තීරණය කරනකොට පෞද්ගලික ගුවන් යානයකින් හෝ ගෙනියන්න ඕන කියන අපි මතේ හිටියා. නමුත් පෞද්ගලික ගුවන් යාන තිබුණේ නෑ. රේණුකා කතා කළා ආරක්ෂක ලේකම්තුමාට, ගුවන් හමුදාපතිතුමාට. ඒ වෙලාවේ රෑ වෙලා තිබුණ නිසා ඔවුන් කිව්ව ඉර එළිය වැටෙනවත් එක්ක ගුවන් යානයක් ලබා දෙන්න පුළුවන් කියන එක. නමුත් ඒ තරම් වෙල බලන් ඉන්න හැකියාවක් තිබුණෙ නෑ. අපි එකඟ වුණා ගිලන් රථයකින් කොළඹට ඔහුව ගේන්න. ඔහු එක්ක මං ආව කොළඹට.
රේණුකා නැවතුණා ජැක්සන්ගේ අයියා සමන් ගැනයි ඔහුගේ සහයකයාගෙ තත්ත්වය ගැනයි බලන්න. රේ ණු පිටින් ගන්න ඕන බෙහෙත් හොයන්න මහ රෑ එළිවෙනකල් ෆාමසි ගාණෙ දුවල තියෙනව. සජිතගේ ස්තූති කතාවේ අපේ නම සඳහන් කිරීම ගැන අපි අබමල් රේණුවකින් තරහ නෑ. ඔහු හිටියේ තාත්තා නැතිවෙලා ඒ වේදනාවෙන්. ඒ නිසාම ඔහුට නොකිය යුතු දේවක් කියවුණා වගේම කිව යුතු දේවල් නොකියවෙන්නත් පුළුවන්. ඔහු දරුවෙක්. තාම එතරම් මෝරා ගිය කෙනෙක් නෙවෙයි. ඒක අපි දන්නවා. ජැක්සන් ජීවතුන් අතර ඉද්දිත් කිව්වෙ මම මේ දෙන්නගේ ජීව විද්‍යාත්මක පියා විතරයි. සෝමෙ තමයි මේ දෙන්නගේ සිනමාවේ පියා කියලා. මට මේ අය මගේම දරුවො වගේ. ඒ නිසා අහිතක් නෑ. මමවිශ්වාස කරනවා ජැක්සන් කියන චරිතය කිසියම් හිඩසක් ඉතුරු කරලා ගියා. ඒ හිඩසට සම වෙන්න බෑ කාටවත්. සමීප වෙන්න හරි පුළුවන් පුතාල දෙන්නට විතරයි. මොකද ඔහුගේ ජානවලින් ඉපදුණු, ඔහුගෙන් ගුරුහරු කම් ලබපු, අත්දැකීම් ලබපු පුතාලට විතරයි සමීප වෙන්න හෝ පුළුවන්. ඒ නිසා මං සජිත පුතාට අකිල පුතාට කියනවා පුතේ තාත්තගේ අඩි පාරේ යන්න. තාත්තගෙන් රංගනය ඉගෙන ගන්න, තාත්තගෙන් කලාව ඉගෙන ගන්න.තාත්තගෙන් සාහිත්‍ය ඉගෙනගන්න. ඒ වගේම තාත්තාගෙන් මනුස්සකමත් ඉගෙන ගන්න.”