ස්පාවලින් වෙන්නෙ සේවාවක්. ඉල්ලුමට අනුව නොදුන්නොත් ලොකු විනාසයක් වෙයි

සම්භාහන මධ්‍යස්ථාන වලින් සිදු වන්නේ සේවාවක් බවත් මනුෂ්‍ය අවශ්‍යතාවක් වන එම සේවාව ඉල්ලුමට අනුව සැපයිය යුතු බවත් ඒ සඳහා නියාමනයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පවසනවා.

ඒ අනුව එම සේවාව සපයන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතු බවයි ඇය සඳහන් කරන්නේ.

“මේවට මිනිස්සු යන්නෙ තමන්ගෙ ඇඟ සම්බාහනය කරගන්න. හෙඩ් මසාර්ජර්ස්වලට .ෆුට් මසාරජ්ස්වලට. වෙල්නස් සෙන්ටර් තමයි ස්පා කියල හඳුන්වන්නෙ ලෝකෙ ඕනම තැනක.

නමුත් ස්පා කියන එක අපේ රට තුල වෙනමම දේකට යොදගෙන තියෙනවා.

ස්පා 600 ගාණක් තියෙනව. තලවතුගොඩ, හෝකන්දර, කෝට්ටෙ, ඇතුල් කෝට්ටෙ, මාළඹේ පන්නිපිටිය මේ ඒරියාස් ගත්තොත් ඔක්කොම 600 ගාණක් තියෙනවා. මම කියන්නෙ මම දන්න මම දැකලා තියෙන දේවල්.

මේවට යන්නෙ වෙල්නස්වලටමද? අපි හොඳටම දන්නව මෙතන වෙන්නෙ ඒක නෙවෙයි. අපේ මිනිස්සු ඇත්ත වහලා බොරුවෙන් ජීවත් වෙන්නෙ. මම ඒකට කැමති නෑ. මම කියන්නෙ මේ ඇත්‍තට මුහුණ දිය යුතුයි. මේ ඇත්ත නවත්තන්න බෑ අපට. මෙතනින් වෙන්නෙ සේවාවක්. මේක නියාමනය කරන්න ඕන. සේවාව සපයන අය මෙඩිකල් චෙකප්ස්වලට යොමු කරන්න ඕන. නැත්නම් ලොකු ව්‍යසනයකින් මේක ඉවරප වෙන එක නතර කරන්න බෑ”

Latest News

More like this

නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට භාර දෙන්න… ජනපති අනුර

මෙවර 2026 වසරට අදාළව අයවැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක කිරී­මට...

ට්‍රම්ප්ගේ ඊලඟ ඉලක්කය… ග්‍රීන්ලන්තය බියෙන් සලිත වෙයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු එක්සත් ජනපදයේ...

පොත් ලක්ෂ හතරක් අච්චු ගහලා පිටු ලක්ෂ අටක් කඩනවා.. ආණ්ඩුව වැටුණු තැනක්.. රාජිත

වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය පාසල් පෙළපොත් මුද්‍රණයෙන් අනාවරණය වූ බව...

යූටියුබ් කරුවෙකුගේ කීමට පොලිසිය මාව අත්අඩංගුවට ගන්න හදනවා.. මිහින්තලේ නායක හාමුදුරුවෝ

පසුගිය දින කිහිපය තුළ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්...