සිඩ්නි වෙත කිලෝමීටර් 1000 ක් ඇවිද ගියා ශ්‍රී ලාංකිකයාට ස්ථිර පදිංචිය ලැබේ

ස්ථීර පදිංචිය අපේක්ෂාවෙන් දෙගිඩියාවෙන් පෙළෙන පවුල් දහස් ගණනක් දැනුවත් කිරීම සඳහා සිඩ්නි වෙත පා ගමනින් ගිය ඔහුගේ කිලෝමීටර් 1,000 පාගමන අවසන් වන විට, ශ්‍රී ලාංකික සරණාගත නීල් පැරා සහ ඔහුගේ පවුලට ඕස්ට්‍රේලියානු රජය විසින් ස්ථිර පදිංචිය පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2008 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පලා යාමෙන් පසු, පැරා, ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා ප්‍රාදේශීය වික්ටෝරියානු නගරයක් වන Ballarat හි වසර නවයකට වැඩි කාලයක් රැකියාවක් කිරීමට, ඉගෙනීමට හෝ සෞඛ්‍ය ප්‍රවේශයක් නොමැතිව ජීවත්ව ඇති බවයි පැවසෙන්නේ.

නමුත් සිකුරාදා මෙම පවුලට ස්ථිර පදිංචිය ලබා දීමට තීරණය කළ බව රජය දැනුම් දී තිබෙනවා.

පවුලේ ආගමන නීතීඥ කරීනා ෆෝඩ් පැවසුවේ පැරාගේ ඇවිදීම අවසන් වන විට පවුලට වීසා ලබා දුන් බවයි.

“එය ඇත්තෙන්ම සතුටුදායක තීරණයක්. නීල් සමඟ ඇති ප්‍රධානතම දෙය නම් ඔහු Ballarat නගරයට එතරම් විශිෂ්ට ප්‍රජා මිනිසෙකු වීම,” යැයි ෆෝඩ් පවසනවා.

ඔස්ට්‍රේලියාවේ දශකයකට වැඩි කාලයක් ජීවත් වූ පුද්ගලයන් 12,500ක් පමණ සිටින නමුත් නව තත්ව වීසා යෝජනාවට අනුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට නුසුදුසු වන අතර 2,500කට පමණ වීසා බලපත්‍රයක් නොමැති බව සඳහන් වෙනවා.

Latest News

More like this

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ...

සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...