සියලුම ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය රක්ෂණ වරම්

රටේ සෑම පුරවැසියෙකුටම සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජෝසප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ ශත සංවත්සරය නිමිත්තෙන් පසුගිය සිකුරාදා (8) රෝහල් පරිශ්‍රයේදී පැවැති උත්සවයේදී ය.

වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙහි දී සඳහන් කළා.

සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සහ ජාතියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය අත්කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා යළි යළිත් අවධාරණය කර බව සඳහන් වෙනවා.

වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව ද මෙහි ලා අවධාරණය කළ බවයි පැවසෙන්නේ.

වෛද්‍ය අධ්‍යාපන ආයතන තවත් බිහිකිරීමේ අරමුණින් දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (සයිටම්) මොරටුව විශ්වවිද්‍යාලයට ලබාදීම පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වුණා.

ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරුන් බිහි කළ හැකි බව සහතික කරමින් අතිරේක වෛද්‍ය විද්‍යාල සහ විශ්වවිද්‍යාල පිහිටුවීමට රජය සහාය වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!