සූදු ෂම්මි ද රොෂාන් රණසිංහ ද එක්කෙනෙක් තෝරගන්න ක්‍රීඩා අමාත්‍යවරයා ජනපතිට කියයි – හෙට පාර්ලිමේන්තුවේ ඡන්දයකුත් පැවැත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවට අදාළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ඊයේ (07) ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (08)පාර්ලිමේන්තුවේ දී අධිකරණයට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

අධිකරණ තීන්දුවට දොස් පවරමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය එක් මතයක් පමණක් සලකා බැලූ බවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු හෝ ජනාධිපති උපදේශකවරයකු කුමන හෝ ආකාරයකින් යම් බලපෑමක් කළ බව ඔහු පැවසුවා.

අමාත්‍යාංශයට සහය නොදැක්වීම සහ දූෂිත ක්‍රිකට් නිලධාරීන් ආරක්‍ෂා කරන ආකාරයෙන් කටයුතු කරන බවට ක්‍රීඩා ඇමැතිවරයා නීතිපතිවරයාට ද මෙහි දීචෝදනා කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සමීපතමයන් විසින් නොමඟ යවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රොෂාන් රණසිංහ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා යන පැති දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

එම සාකච්ඡාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා යෝජනා කළේ ශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරීන් ගෙදර යැවීම සඳහා පාර්ලිමේන්තුව හෙටම යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එකඟතාව මත විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...