ක්‍රිකට් ආයතනය හතර වටේටම චෙක් පත් ලියයි.වැදගත් ලියකියවිලිවලට මොකද වෙන්නෙ?

ක‍්‍රිකට් ආයතනය අත් හිටුවා අතුරු කමිටුවක් පත් කරනු ඇති බවට ආරංචි පළ වීමත් සමඟ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් පසුගිය දින කිහිපය තුළ පමණක් රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා තබා ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ විදුලි පහන් කඩිමුඩියේ වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන එක හමාරක මුදලක් වැය කර ඇති බව ඇති බව ඔහු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

ක‍්‍රිකට් ආයතනය අත්හිටුවා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ඇත යන බියෙන් එම කටයුතු සිදු කර ඇති බවත් දැන් පවතින තත්ත්වය මත ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි ලේඛන අස්ථානගත වීමේ අවදානමක් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!