ක්‍රිකට් ආයතනය හතර වටේටම චෙක් පත් ලියයි.වැදගත් ලියකියවිලිවලට මොකද වෙන්නෙ?

ක‍්‍රිකට් ආයතනය අත් හිටුවා අතුරු කමිටුවක් පත් කරනු ඇති බවට ආරංචි පළ වීමත් සමඟ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් පසුගිය දින කිහිපය තුළ පමණක් රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා තබා ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ විදුලි පහන් කඩිමුඩියේ වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන එක හමාරක මුදලක් වැය කර ඇති බව ඇති බව ඔහු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

ක‍්‍රිකට් ආයතනය අත්හිටුවා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ඇත යන බියෙන් එම කටයුතු සිදු කර ඇති බවත් දැන් පවතින තත්ත්වය මත ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි ලේඛන අස්ථානගත වීමේ අවදානමක් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...