හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගත් බියෙන් සලිත වූ පවුලක් සමඟ ෆේස්බුක් ලයිව් ආව හැටි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් මධ්‍යයේ දෙපාර්ශවයේම ජීවිත 2,200කට අධික සංඛ්‍යාවක් බිලිගෙන ඇති අතර, එම කණ්ඩායම විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි පවුලක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ පියා, මව, දියණිය, පුතා සහ තවත් සාමාජිකයෙකුගෙන් සමන්විත පවුලක් තුවක්කු අතැති හමාස් ත්‍රස්තවාදීන් විසින් වට කර ඇති ආකාරයයි.

වීඩියෝව පටිගත කරන ත්‍රස්තවාදියා ඊශ්‍රායලය සමඟ කතා කරන ලෙස පියාට බලකරන ආකාරය සටහන් වී තිබෙනවා. “උඹේ රටට කතා කරපන්. අපි මෙහි සිටින බව ඔවුන්ට කියපන්,”යැයි ඔහු පවසනවා.

ගාසා දේශසීමාවට ආසන්න ඊශ්‍රායලයේ Nahal Oz හි Kubbutz හි පිහිටි ඔවුන්ගේ නිවසේ මෙම පවුල ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය ත්‍රස්තවාදීන් විසින් ෆේස්බුක් ඔස්සේ සජීවීව (Facebook live Stream) විකාශය කර තිබෙනවා.

ඔක්තෝබර් 7 දා හමාස් විසින් ඊශ්‍රායලයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කළ දා සිට, සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් සිය ගණනක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා පවසනවා. මෙම පිරිස විසින් මළ සිරුරු පාරේ දමා ගොස් ඇති අතර, බලහත්කාරයෙන් ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඝාතනය කරන ආකාරය දැක්වෙන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවලද සටහන් වී තිබුණා.

“හමාස් ගෲප් එක අපේ ගේ ඇතුලේ ඉන්නවා. මගේ කකුලට වෙඩි තිබ්බා” එම පවුලේ පියා වෙව්ලමින් පවසන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.ඔහුගේ කකුලකට වෙඩි වැදී දැඩි ලෙස රුධිර වහනය වෙමින් පවතින අතර ත්‍රස්තවාදීන් ඔහුට ඔහුගේ හැඳුනුම්පත රැගෙන එන ලෙසට තර්ජනය කරන ආකාරය ද එහි සටහන් වී තිබෙනවා.

පවුලේ පින්තූර යොදා ගනිමින් හමාස් සටන්කාමීන් ඔවුන්ගෙන් නිවසේ නොසිටි ඡායාරූපවල සිටින සාමාජිකයන් පිළිබඳවද විමසා තිබෙනවා. ඔවුන් නැති බව ඉඟි කරමින්, පියා “හයිෆා” යැයි පවසන අතර, එම පුද්ගලයින් ඊශ්‍රායලයේ හයිෆා නගරයේ ජීවත් වන බව එයින් අදහස් වන බවයි වාර්තා පවසන්නේ.

වීඩියෝවේ තවදුරටත්, හමාස් සටන්කාමීන් අසල්වැසි නිවෙස්වලින් මිනිසුන් පිටතට ගැනීමට මෙම යුවළගේ පුත්‍රයා යොදා ගෙන ඇති ආකාරය ද සටහන් වී තිබෙනවා

සෙනසුරාදා හමාස් සංවිධානය 1973 Yom Kippur යුද්ධයෙන් පසු ඊශ්‍රායලයට එල්ල කළ විශාලතම ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝට්ටු, මෝටර් ග්ලයිඩර් සහ ට්‍රක් රථ යොදා ගනිමින් රට තුළට ඇතුළු වී තිබුණා. හමාස් සටන්කාමීන් සිවිල් වැසියන් ඝාතනය කරමින් ඊශ්‍රායල සොල්දාදුවන් ප්‍රාණ ඇපයට ගනිමින් ඉදිරියට යද්දී ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගාසා තීරයට දැවැන්ත ප්‍රති ප්‍රහාර මාලාවක් ද එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ෆේස්බුක් සජීවී වීඩියෝවෙන් පසු මෙම පවුල පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!