ෆර්හාන් අක්තාර්, අමීර් ඛාන්ට පයින් ගැහුවේ ඇයි

බොලිවුඩයේ අති දක්ෂ කලාකරුවන්ගෙන් එක් අයෙක් වන ෆර්හාන් අක්තාර් ප්‍රවීණ නළු අමීර් ඛාන් සමඟ ආරම්භ කර තිබූ චිත්‍රපටයකින් හදිසියේ ඉවත්ව තිබෙනවා.

2018 වසරේ තිරගත වූ ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන Campeones ප්‍රතිනිර්මාණය කරමින් අමීර් ඛාන් නිර්මාණය කරනු ලබන Champions චිත්‍රපටයේ ඔහු ප්‍රධාන භූමිකාවක් නිරූපනය කිරීමට සූදානමින් සිටියා.

චිත්‍රපටිය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී තිරගත වීමට නියමිතව තිබුණ නමුත්, කණ්ඩායම තවමත් තවත් නළු නිළියන් කිහිප දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බැවින් දිනය 2024 ජනවාරි දක්වා තල්ලු වී යාම නිසා ෆර්හාන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ෆර්හාන් “Don 3” නිවේදනය කර ඇති අතර ඔහු ලබන වසරේ සිට එහි පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා සැබවින්ම කාර්යබහුල වනු ඇතැයි පැවසෙනවා.

මේ හේතුවෙන් ඔහු Champions වෙතින් ඉවත් වීම පිළිබඳ අමීර්ට මේ වන විටත් දන්වා ඇති බව වාර්තා වෙනවා.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...