ෆේස්බුක් සම්බන්ධව සෘජුවම බලපෑමක් කිරීමේ හැකියාවක් අප නැහැ – TRC

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරීමේ හැකියාවක් හෝ බලයක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට නොමැති බවත් ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධව සෘජුවම බලපෑමක් කිරීමේ හැකියාවක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට නොමැති බවත් එහි අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා පවසන්නීය.

සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධව සෘජු බලපෑමක් කිරීමේ හැකියාව නැත්තේ ඒවා ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක වීම නිසා බවද ඇය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන දේ සම්බන්ධව මෙරට දුරකතන ක්‍රියාකාරී ආයතනවලට වගකීමේ හැකියාවක් නොමැති බවත්, ඔවුන්ගේ ජාලය තුළ සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පමණක් සිදුවන බව අධ්‍යක්ෂවරිය පැවසුවාය.

සමාජ මාධ්‍ය ජාලා අතුරින් මෙරට 80%ක්ම භාවිත වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය බවත්, ඒ නිසා ෆේස්බුක් සම්බන්ධව වැඩිපුරම ගැටලු පවතින බවද සඳහන් කළාය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි ලැබෙන බවත් එම කොමිෂන් සභාවට හැකියාව ඇත්තේ එම පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ සමාගම්වලින් ඉල්ලීමක් කිරීමට පමණක් බවත් ඇය කියන්නීය.

යම් අයකුට ෆේස් බුක් සමාජ මාධ්‍යයේ පළවූ යමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ අසාධාරණයක් සිදුවූයේ නම් අදාළ සමාගමටම ඒ බව තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන්ම පැමිණිලි කිරීමේ දී ඊට ප්‍රමුඛතාව ලැබෙන බවද සඳහන් කරන අධ්‍යක්ෂවරිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සම්බන්ධව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි එම සමාගමට දැනුම්දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇතැයිද ඇය කීවාය.

Latest News

More like this

නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට භාර දෙන්න… ජනපති අනුර

මෙවර 2026 වසරට අදාළව අයවැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක කිරී­මට...

ට්‍රම්ප්ගේ ඊලඟ ඉලක්කය… ග්‍රීන්ලන්තය බියෙන් සලිත වෙයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු එක්සත් ජනපදයේ...

පොත් ලක්ෂ හතරක් අච්චු ගහලා පිටු ලක්ෂ අටක් කඩනවා.. ආණ්ඩුව වැටුණු තැනක්.. රාජිත

වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය පාසල් පෙළපොත් මුද්‍රණයෙන් අනාවරණය වූ බව...

යූටියුබ් කරුවෙකුගේ කීමට පොලිසිය මාව අත්අඩංගුවට ගන්න හදනවා.. මිහින්තලේ නායක හාමුදුරුවෝ

පසුගිය දින කිහිපය තුළ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්...