ජීවිත කිහිපයකටම ප්‍රාණය දී, දිවි ගමනට සමුදුන් විහඟනා

මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට පැවසීය.

හදවත් රෝගයකින් හා පෙනහළු ආබාධයකට ලක්ව සිටි රෝගියකුට එක් වරම මෙම අවයව බද්ධ කරනු ලැබුවේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට බවද වෛද්‍ය විශේෂඥවරු පවසති.

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ මේ රට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව හදවත සහ පෙනහලු දෙක එක්වරම බද්ධ කර සැත්කම සිදු කර ඇති අතර, මෙම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ උපරිම දායකත්වය ලබා දී තිබේ.

මීට අමතරව මොලේ මියගිය මෙම සිසුවියගේ ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ජීවිතයත් මරණයත් අතර එම රෝගීන් තිදෙනාද සුවය ලබමින් සිටින බව එම විශේෂඥ වෛද්‍ය වරයා කීය.

මෙම සිසුවියගේ ඇට මිදුළු ද රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලබාගෙන ඇත.

සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කරඇති අතර එයින් දෑස් නොපෙනෙන දෙදෙනකුට ලෝකය දැක ගැනීමේ වාසනාව ඉදිරියේදී හිමිවනු ඇත.

මෙසේ සිරුරේ අවයව බද්ධ කිරීමට ලබාගත්තේ නිකවැරටිය,අඹන්පොළ පළමු පටුමගේ පදිංචිව සිටි ඒ. එච්. ටී. විහගනා නුවන්මිනි ආරියසිංහ නැමැති සිසුවිය ගෙනි

මෙම සිසුවියගේ මොලේ අභ්‍යන්තර ඇතිව තිබූ ගෙඩියත් නිසා රෝගී ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මිය ගොස් තිබිණි.

විහගනා සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක වන අතර ඇය පසුගියදා පැවති උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විද්‍යා විෂයයන්වලින් පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු වූවාය.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!