A/L රිසල්‍ට් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට එරෙහිව UGCය අනතුරු අඟවයි

2023 (2024) අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග අනතුරු අඟවා ඇත්තේ විභාග ප්‍රතිඵල සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය කිරීම විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීමේ අවස්ථාවට අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රතිඵලවල විභාග අංකය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි සමාජ මාධ්‍යවල පළවන තොරතුරු ඕනෑම පුද්ගලයකුට භාවිත කළ හැකි බව මහාචාර්ය අමරතුංග මහතා පෙන්වා දෙනවා.

තුන්වන පාර්ශ්වයකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට මෙම තොරතුරු භාවිත කළ හැකි බවත්, එමඟින් සැබෑ අයදුම්කරුට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සහ සහතික වීමට ඇති අවස්ථාව අහිමි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

“එවැනි සිදුවීමක් සිදුවුවහොත්, සැබෑ අයදුම්කරුට මෙම ප්‍රවේශය ලබා ගත හැක්කේ සම්පූර්ණ පරීක්ෂා කිරීම් ක්‍රියාවලියකින් පසුව පමණයි, ඒ සඳහා දිගු කාලයක් ගතවනු ඇතැයි” ඔහු පවසනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!