Online ක්‍රමයට මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද සිට

මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමය අද සිට (7) ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසයි.

නව වැඩසටහන මඟින් මෝටර් රථ ආදායම් බලපත්‍ර මාර්ගගත(Online) ක්‍රමය ඔස්සේ නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත.

මේ අනුව ඉදිරියේ දී ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණීමකින් තොරව දිවයිනේ ඕනෑම තැනක සිට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

කෙසේ වෙතත් මෙම වැඩසටහන සියලුම රාජ්‍ය ආයතන වෙත ව්‍යාප්ත කිරීමටත් ලබන වසරේ මාර්තු මාසය වන විට අන්තර්ජාලය හරහා සියයට සියයක්ම ගෙවීම් සිදුකිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Latest News

More like this

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...

ශ්‍රී ලාංකික පොඩ්ඩෙක් ඕස්ට්‍රේලියාවේ සිදු කරන පෙරළිය

ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික...