SLT අලිරාජාටද – අදානිටද? මැක්සිස් මැලේෂියා මොබිටෙල් අයිති කර ගනීද?

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණයට මේ වන විට සියල්ල සුදානම්ය. මිල කළ නොහැකි වත්කම් රාශියක් සහ ජාතික වටිනාකමක් ඇති ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු වන විට විකුණා දමන්නට නියමිතය.

ලයිකා මොබයිල් හිමිකරු බාස්කරන් අලිරාජා සහ ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානි අතර ටෙලිකොම් ආයතනය මිලට ගැනීම සම්බන්ධයෙන් ඇත්තේ විශාල තරඟයකි.

මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් වලින් සියයට 51 ක් රජයට අයත් වන අතර සියයට 45 ක් මලයාසියානු මැක්සීස් සමාගමටත් ඉතිරි සියයට හතර මහජනතාවටත් වශයෙනි. ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය මැක්සීස් අධ්‍යක්ෂවරුන් 4 ක් සහ ටෙලිකොම් අධ්‍යක්ෂවරුන් 5 ක් සමග නවයකි.

මොබිටෙල් හා ටෙලිකොම් සමාගම් වලින් චෝදනා ගණනාවක් හේතුවෙන් ඉවත් කල දෙදෙනෙකු නැවත වරක් මේ වන විට අධ්‍යක්ෂවරුන් ලෙස එක්ව සිටින අතර මේ සම්බන්ධයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති දැඩි විරෝධය පල කරති.

මොබිටෙල් සමාගම ටෙලිකොම් සමාගමට සියයට සියයක්ම හිමිකාරිත්වය ඇති අනුබද්ධිත සමාගමකි. මෙවර ටෙලිකොම් හිමිකාරිත්වය හිමිකරගන්නා සමාගමට මැක්සීස් සමාගමට අයත් සියට 45 ක කොටස් ප්‍රමාණය ලබාදී ඒ වෙනුවෙන් මොබිටෙල් සමාගමේ අයිතිය මුළුමනින්ම හිමිකර ගැනීම සඳහා මැක්සීස් සමගම කටයුතු කරමින් සිටින බවට ටෙලිකොම් වෘත්තීය සමිති සැක පල කරති.

මේ වෙනුවෙන් අවශ්‍ය පදනම් නිර්මාණය කරන්නේ ඉහතකී දෙදෙනා බව ටෙලිකොම් වෘත්තීය සමිති පවසති.

මේ අතර බාස්කරන් අලිරාජාගේ ප්‍රංශ ලයිකා මොබයිල් සමාගමට එරට අධිකරණය මගින් යුරෝ මිලියන දහයක එනම් රුපියල් මිලියන 3460 ක දැවැන්ත දඩයක් නියම කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය හා වැට් බදු වංචා යන බරපතල චෝදනා යටතේය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාව ලබාදී ඇත්තේ ද මේ සමාගමට අනුබද්ධ ආයතනයකටය.

– ජනිත සෙනෙවිරත්න

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!