V8 එකකින් එයාර්පෝර්ට් ගියත් පෝටර්ට දෙන්න රු 300 ක් නෑ කිව්ව ප්‍රසන්නට රණවීරට රු 300ක් යවයි

කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එහි සේවය කරන පෝටර්වරයකුට පහර දීමට විරෝධය පළ කරමින් ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර වෙත රු 300 ක මුදලක් යැවීමට කටයුතු කර තිබෙනවා.

එම මුදල තැපැල් දෙපාර්තමේන්තුව හරහා මනි ඕඩරයක් ලෙස කතානායකවරයා වෙත ලැබෙන පරිදි යැවීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.

එම මුදල යවමින් ඔවුන් පවසන්නේ රු 300ක් වැනි මුදලක් නිසා අහිංසක පෝටර් නිලධාරියකුට පහර දීම බෙහෙවින් කණගාටුවට හේතු වූ බවයි.

පසුගිය දා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පෝටර්වරයකුට පහර දුන් ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඔහුගෙන් එම සේවකයා රු 1000 ක මුදලක් ඉල්ලු නමුත් ළඟ තිබුණේ රු 700 ක් පමණක් බවයි.

නමුත් ඔහු මේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවට අදහස් දක්වමින් පැවසුවේ තමන් එම ස්ථානයට V8 එකකින් ගිය ද එම සේවකයා ඔහු හඳුනා නොගැනීම ගැටලු සහගත බවයි.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...