විමුක්තිගේ අහසින් වැටෙයි චිත‍්‍රපටය සහ එහි පැතලි යථාර්ථය තරංගනියට

විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි චිත්‍රපටය ප්‍රදර්ශනය සහ දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු කිරීමට නියමිත ය.

සිනමා ප්‍රේක්ෂකත්වය වර්ධනය කිරීම සහ සිනමා සංස්කෘතිය පෝෂණය කිරීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලබන සිනමා කතිකාව වැඩසටහනේ තවත් අදියරක් ලෙස මෙය සිදු කෙරේ.

එදින දේශන සහභාගිත්වය සමන් වික්‍රමාරච්චි සහ මහේෂ් හපුගොඩ විසිනි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු විසිනි.

– Theleader

Latest News

More like this

Avatar අලුත්ම චිත්‍රපටයේ වරන්ග් ලෙස රඟපාන චාලි චැප්ලින්ගේ මිණිපිරිය

අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ 'Avatar' චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටය 'Avatar:...

සිංහබාහු හොර කොපිය ලක්ෂ දහයක් බලලා.. සෝමේ අයියට හොඳටම මළ පනී

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහබාහු සිනමාපටය සිනමා...