ආසියානු කුසලාන ඉන්දියා-ශ්‍රී ලංකා තරඟය මැද සිදුවූ අවලස්සන ගැටුමක් ජ්‍යාත්‍යන්තරයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ තරඟය නිමා වී මිනිත්තු කිහිපයකට පසු අඟහරුවාදා(12) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇතිවු ගැටුමක වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවෙත නිකුත් වූ තිබෙනවා.

විදෙස් මාධ්‍ය එය වාර්තා කර තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලානයේ සුපිරි 4 තරඟයෙන් පසු ඇති වූ කැත ගැටුමක් ලෙසයි.

තත්ත්පර 33ක් දිග වීඩියෝවේ ප්‍රේක්ෂකයින් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුමක් හා එම දෙදෙනා වෙන් කිරීමට අනෙක් පිරිස් එක්වන ආකාරය සටහන් වී තිබෙනවා. ගැටුම ආරම්භ කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලංකා ජර්සියක් ඇඳ සිටින බව ද එම දර්ශනවල සටහන් වුණා.

කෙසේ වෙතත් ගැටුමට හේතුව කුමක් ද යන්න හෝ සිදුවීමේ නිශ්චිත වේලාව කුමක් ද යන්න පැහැදිලි නැති නමුත් හිස් ආසන දෙස බලන විට එය තරගයෙන් පසුව සිදු වූ බව පෙනීයන බවයි වාර්තා පවසන්නේ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!