ආසියානු කුසලාන ඉන්දියා-ශ්‍රී ලංකා තරඟය මැද සිදුවූ අවලස්සන ගැටුමක් ජ්‍යාත්‍යන්තරයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ තරඟය නිමා වී මිනිත්තු කිහිපයකට පසු අඟහරුවාදා(12) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇතිවු ගැටුමක වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවෙත නිකුත් වූ තිබෙනවා.

විදෙස් මාධ්‍ය එය වාර්තා කර තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලානයේ සුපිරි 4 තරඟයෙන් පසු ඇති වූ කැත ගැටුමක් ලෙසයි.

තත්ත්පර 33ක් දිග වීඩියෝවේ ප්‍රේක්ෂකයින් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුමක් හා එම දෙදෙනා වෙන් කිරීමට අනෙක් පිරිස් එක්වන ආකාරය සටහන් වී තිබෙනවා. ගැටුම ආරම්භ කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලංකා ජර්සියක් ඇඳ සිටින බව ද එම දර්ශනවල සටහන් වුණා.

කෙසේ වෙතත් ගැටුමට හේතුව කුමක් ද යන්න හෝ සිදුවීමේ නිශ්චිත වේලාව කුමක් ද යන්න පැහැදිලි නැති නමුත් හිස් ආසන දෙස බලන විට එය තරගයෙන් පසුව සිදු වූ බව පෙනීයන බවයි වාර්තා පවසන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...