චීනයේ Hangzhou හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි දිසානායක සමත් වී තිබේ.
ඇය විනාඩි 2 යි තත්පර 03.20 ක කාලයක් වාර්තා කළේ වත්මන් ශූර Chunyu Wang අභිබවා යමිනි.
ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ, වසර 21කට පසුව බව සඳහන් ය.
ඇය මේ වසරේ මුල පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ද කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වූවාය.
එහිදී ඇය විසින් වාර්තා කරන ලද කාලය විනාඩි 2.05.64 කි.
එමෙන්ම එහි මීටර් 400 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය.
පෙරේදා පැවති තරඟයේ දී නදීෂා ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීම ද විශේෂ අවස්ථාවකි.