ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පර්සිට ලක්ෂ 50 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජනප්‍රිය දිරි ගන්වන්නෙකු වන ( චියර් ලීඩර්) පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 50 ක් (මිලියන 5ක) මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදි.

පර්සි අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

“ප්‍රීතිමත් පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පර්සි දැක්වූ දායකත්වය අපමණය, ඔහු ක්‍රීඩකයින්ට ස්හ සමස්ත ක්‍රීඩාවට ශක්තියේ කුලුනක් වී ඇති අතර, ඔහුගේ යහපැවැත්ම ගැන සොයා බැලීමට අපගේ වාරය විය යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඒ පිළිබඳව පැවසීය.

පර්සි මහතාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් අබේසේකර මහතා වෙත මෙම පරිත්‍යාගය භාර දෙන ලදී.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...